Thursday, April 23, 2020
එකම එක හීනයක්...
ඔව්...මටත් තියෙනවා එකම එක හීනයක්....
මේ මූණු පොත අපව මුණගස්සලා තුන් අවුරුද්දකුත් ගෙවිලා.
ලියන කියන දේවල් එක්ක මිතුරුකමින්
දැන හැඳින ගත්ත අපේ කතාවට,
අද වෙනකොට නමක් දෙන්න මං දන්නෙ නෑ....
ඒ කතාව ඇතුලේ මං කවුද...
ඔයා කවුද කියලා හිතනකොට,
මට හිතෙනවා මගේ වෙච්ච කතාව ඇතුලේ
මගේ නොවිච්චි ඔයා එක්ක මං අතරමං වෙලා ද කියලා.
ඔයා හිරු ගැන කියනකොට...
ඔයා සඳු ගැන කියනකොට...
ඔයා තවත් කොහේදෝ ඉන්න
තරු කෙල්ලෙක් ගැන කියනකොට...
ඔයාගේ හිත් අහසට හරි ආදරේ,
ඔයත් එක්කම හොයනවා මං.
ඒ අහස ගිනි රස්නෙට හිරු පුච්චනකොට,
සඳ අමාවකේට අඳුරු වෙනකොට,
තරු ඔච්චම් දෙනකොට
ඒ අහස නිවන්නට,
තාමත් හරි තැනින් ඒ ආදරේ හොයා ගන්න,
ඒ අහස යට ඉදන් මං ඔය වැහි කඳුළු උහුලනවා.
ඔයාගේ හිත රිඳුම් වෙලාවට
මට මං ගැනවත් නිච්චි නැති වෙන්නේ,
ඔයාගේ සතුට...ඔයාගේ හිනාව...
හරි වටින නිසා මට.
ඔයා ඉරි ගහලා පෙන්නපු මායිමක,
ලෙඩ කෙල්ලක් වෙච්ච මගෙ හිතින් ඉණිවැටක් බැදන්,
ඔයාගේ සතුට ළඟ ඔයාගේ හිනාව ළඟ,
හිනාවකින් නැවතිලා මං....
මගේ හිතට කඳුළු බෝම බරට දැනෙන තැන්වලදිත්
ඇස් අස්සේ කඳුළු හංඟාන,
මං හිනාවකින් ඔයාට ඕනියි කියන
තරමටත් වඩා ළඟින්,
ඔයාගේ හීන ලියවෙන අකුරු හැඩ කරනවා.
මං ඇතියි කියලා ඉල්ලුව,
ඔයාට මග හැරෙන
ඔයාගෙ ආමන්ත්‍රණයක් නැති
ගුඩ් මෝනින් මැසේජයක වුණත්
මට හිනාවක් තියෙන බව
ඔයා දන්නෙත් නෑ...
මගෙයි කියල හිතන,
ඔයාගේ හීනයක් දෙකක්වත් එළිවෙනකල්,
වැඩියක්ව මට ලැබිච්ච
මේ හුස්ම ඩිංග රැකිලා තිබුණොත් මට ඇති...
දන්නව ද ඔයා...,
මගෙයි කියලා තියෙන එකම හීනෙත් ඒක...😇
සාරා_____🖤
Subscribe to:
Post Comments (Atom)

ඒක මරු
ReplyDeleteහ්ම්...ස්තූතියි ❤️
ReplyDelete